නමින් කුමුදිකා ප්‍රනාන්දු වන ඇය, මැලිබන් සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරනවා. මැලිබන් සමාගමේ සභාපති වන A. G. R. සමරවීර මැතිතුමාගේ දියණිය සහ මැලිබන් නිර්මාතෘ A. G. හින්නි අප්පුහාමු මැතිඳුන්ගේ මුණුපිරියවුවත්, ඇය සිය වෘත්තීය දිවිය ආරම්භ කලේ සාමාන්‍ය සේවිකාවක් ලෙසයි. කොටහේනේ පිහිටි ලිට්ල් ලයන් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී ඇයට සමාගමේ දීර්ග කාලීනව සේවය කල පිරිසක් හඳුනාගන්නට ලැබුණා. ඔවුන්ගෙන් ඇයට පෙර කාලයේ සිටම මැලිබන් සහ ලිට්ල් ලයන් සමාගම් පවත්වාගෙන ආ ආකාරය, නිෂ්පාදන වල ගුණාත්මක බවට හේතු, සේවකයන්ගේ දායකත්වය වැනි නොයෙක් කරුණු කාරණා ඉගෙන්ගන්නට හැකි වුණා. ඒ වගේම ඇයගේ පවුල් පසුබිම නිසාත් ඇයට මැලිබන් සමාගමේ ක්‍රියාවලීන් පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට පහසු වුණා.

සම්පූර්ණ විකාශය මෙතැනින්

මැලිබන් සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීමට ලැබීම ඇය ලද භාග්‍යයක්. එවැනි වගකීමක් භාර ගැනීමෙන් ඇය මත අධික වැඩ රාජකාරි ප්‍රමාණයක් පැවරුණා. නමුත් ඇය කිසිම විටෙක පසුබට වූයේ නැහැ. තමාගේ නව භූමිකාවට හැඩ ගැසීමට ඇය ඉතා වෙහෙස මහන්සියෙන් වැඩ කරන අතරම, පරම්පරා 3ක් තිස්සේ මැලිබන් සමාගම පවත්වාගෙන ආ ප්‍රමිතීන් සහ සම්මතයන් ඒ අයුරින්ම රැකගැනීමට උත්සුක වුණා.

 

මැලිබන් කියන්නේ අවුරුදු 60කට අධික කාලයක් තිස්සේ පැවතගෙන එන, ජනතාවගේ විශ්වාසය දිනූ නාමයක්. මට අවශ්‍වුණේ වෙනස් වන ජීවන රටාවන්ට ගැලපෙන, ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරන්නටයි. සමගම අප රැකගෙන නාමය, කීර්තිය තවදුරටත් පවත්වාගෙන යාමට මම ඇපකැප වී කටයුතු කරනවා. අපට හැමවිටම අවශ්‍අපේ පාරිභෝගිකයන්ට හොඳම දේ ලබාදීමටයි.”

 

කුමුදිකා ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු තවත් අගනා මෙහෙයුමක් වශයෙන් මැලිබන් කිරි සහ කෘෂි නිෂ්පාදන අංශය හැඳින්වීමට පුළුවන්. දේශීය ගොවි ජනයාට තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමට මැලිබන් විසින් ගෙනයන මෙම කර්තව්‍යය ඉමහත් පිටිවහලක්. මේ වනවිටත් ගොවීන් 300කට අධික පිරිසක් මැලිබන් සමග එක්වී සිටින බවත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන මුළු ලොවටම සාඩම්බරයෙන් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ දායකත්වය ඉතා වැදගත් බවත් කුමුදිකා මැතිණිය අප සමග ප්‍රකාශ කර සිටියා.

 

කොතරම් කාර්යබහුල වුවත්, තමාගේ ශාරීරික සහ මානසික සුවතාවය හොඳින් පවත්වාගැනීමට කුමුදිකා මැතිණිය අමතක කරන්නේ නැහැ. ශාරීරික සුවතා ක්‍රියාකාරකම් වල නිතර නිරත වීමෙන් තමාගේ දිනපතා වැඩකටයුතු වල කාර්යක්ෂම ලෙස යෙදීමට හැකි බව ඇය සඳහන් කළා. එමෙන්ම දිනපතා උදෑසන 5.30ට අවදිවන ඇය තම දවස පටන්ගැනීමට පෙරාතුව අනිවාර්යයෙන්ම මැලිබන් කර්මාන්ත ශාලාවට යාමට අමතක කරන්නේ නැහැ. එයින් ඇයට හොඳ උත්තේජනයක් ලැබෙනවා.

ඒ වගේම තම පවුලේ අයත් සමග කාලය ගත කිරීම ඇයගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කරන ප්‍රධාන සාධකයක් බවත් ඇය පැවසුවා. හොඳ පුහුණුවක් මෙන්ම අධ්‍යයනයක්ද ලබාගෙන ඇය මෙම වෘත්තියට ඇතුල් වීම නිසා ඇයට වෘත්තීය ජීවිතය එතරම් ආතතික නොවන බව කුමුදිකා මැතිණිය දක්වා සිටියා. තම වැඩකටයුතු හොඳින් කලමනාකරණය කරන නිසාත්, ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දෙන නිසාත් ඇයගේ වෘත්තීය ජීවිතය ඇයට විනෝදාංශයක් හා සමානයි.

 

ව්‍යාපාරික ලෝකයේ අද්විතීය විප්ලවයක් සිදුකල කාන්තාවක් වශයෙන් කුමුදිකා මැතිණිය උපදේශ කිහිපයක් ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින්ට ලබා දුන්නා. ඔබ හොඳ ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකයෙක් නම්, මුදල් ඉපයීම ඔබගේ පළමුවන ඉලක්කය නොවිය යුතුයි. ඔබේ ආශාවන්, ඔබේ සිහින සහ ඔබේ සාර්ථකත්වය හඹා යනවා නම් ඔබට මුදල් වගේම හොඳ පිළිගැනීමක් සහ දියුණුවක් ලැබේවි. කොපමණ බාධක, අභියෝග පැමිණියත් කෙදිනක වත් පසුබට වෙන්න එපා. මග නතර වන්නත් එපා. උත්සාහවන්තව සහ ධෛර්යමත්ව තමාගේ ඉලක්ක කරා ගමන් කරන්න.”

 

අවසාන වශයෙන් කුමුදිකා මැතිණිය සිය සාර්ථකත්වයට හේතු ලෙස අපට කියා සිටියේ, මැලිබන් ආයතනයේ සියලුම සේවකයින් සහ කාර්ය මණ්ඩලය ඇය සලකන්නේ එකම පවුලක් වශයෙන් බවයි. එක පවුලක් ලෙස එකට එක් වී සියල්ලන්ගේම දියුණුව සඳහා කටයුතු කිරීම මැලිබන් ආයතනය දිගු කලක් වැජඹීමට හේතු වූ බව ඇය පැහැදිලි කරා.

 

“මැලිබන් ආයතනයේ අපි නිතරම සොයා බලන්නේ අපේ සේවකයන් සහ පොදු ජනතාව වෙනුවෙන් අපේ උපරිමය කිරීමටයි. එම නිසා අපි දුෂ්කර ජනතාවට නොයෙක් පහසුකම් සලසා දෙනවා. ඔවුන්ගේ ලෙඩ දුක් වලදී පිහිට වනවා. ඒ වගේම අපි අවුරුදු 15ක් තිස්සේ මරණයට කැපවුණු කිරි ගවයන් විශාල වශයෙන් නිදහස් කර දේශීය ගොවීන්ට ලබා දී තිබෙනවා. මෙම වැඩසටහන සෑම වර්ශයකදීම ‘අභයදානය’ නමින් ක්‍රියාත්මක වනවා. මේ වගේ සේවාවන් වල නියුතු වෙමින්, යහගුණයෙන් ඉදිරියට යන නිසාම මැලිබන් ආයතනයේ අනාගතය සුපැහැදිලියි සහ අතිශයින්ම සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා.”

තශ්මිලා නදීශානි

2015දී ලේඛිකාවක ලෙස සිය වෘත්තීයට පිවිසුනද, ලිවීමට සහ කියවීමට ඇය කුඩා කල සිටම නැඹුරුතාවයක් දැක්වූවාය. තම පන්හිඳෙන් ලෝකය දකින්නටත්, පන්හිඳෙන් ලොව වඩාත් ලස්සන කරන්නටත් ඇය උත්සාහ දරන්නීය.

Clayton Durant

තශ්මිලා නදීශානි

2015දී ලේඛිකාවක ලෙස සිය වෘත්තීයට පිවිසුනද, ලිවීමට සහ කියවීමට ඇය කුඩා කල සිටම නැඹුරුතාවයක් දැක්වූවාය. තම පන්හිඳෙන් ලෝකය දකින්නටත්, පන්හිඳෙන් ලොව වඩාත් ලස්සන කරන්නටත් ඇය උත්සාහ දරන්නීය.